FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපි ලංකාව ලොව වේගවත්ම ආර්‍ථිකයන් 4 අතරට ගෙනාවා..- නාමල්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, අතීතයේ මෙරට පැවති දරුණු ආර්‍ථික බිඳවැටීම හමුවේ ඉන්දියාවේ යාචකයෙකු පවා සිඟමන් යදිමින් උපයාගත් මුදල් මෙරටට එවන තරමට ශ්‍රී ලංකාව අසරණ භාවයට පත්ව තිබූ බවයි. එලෙස විනාශ මුඛයේ පැවති රට කෙටි කලක් තුළ යළි ගොඩනැගීමට රජය සමත්ව ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, වර්‍තමානය වන විට රටේ සංවර්‍ධන කාර්‍යයන් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනවල කිසිදු හිඟයක් නොමැති බවද අවධාරණය කළේය. කෙසේවෙතත් කෘෂිකර්‍මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැඩකටයුතු ඉදිරියට ගෙන යාමේදී නිලධාරීන් හා මානව සම්පතේ පවතින හිඟකම මෙන්ම තාක්ෂණික ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, එම බාධාවන් නිරාකරණය කරගනිමින් ඉදිරියට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා, "අප රජය භාරගෙන තවමත් ගතව ඇත්තේ වසර දෙකක කාලයක් පමණයි. ජනතාව අප වෙත බලය ලබාදුන්නේ පස් අවුරුදු කාලයකටයි. පස්වන වසරේ කළ යුතු දේ සිව්වන වසරේවත්, සිව්වන වසරේ කළ යුතු දේ තෙවන වසරේවත් එකවර සිදුකළ නොහැකියි. එබැවින් වසර දෙකක් ඇතුළත සියලු දේ එකවර බලාපොරොත්තු විය නොහැකි අතර, නියමිත සැලසුමකට අනුව රට ඉදිරියට ගෙන යනවා," යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

Google AdSense

In-Article Ad