FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඇමරිකාව යුද ගුවන් යානා ඉරානයත් යුද නෞකා ගේන්න අවසර ඉල්ලුවා.. අපි බෑ කිවුවා..- ජනපති

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' යන තේමාව යටතේ නිකවැරටිය ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණයේදී කිසිදු පාර්‍ශ්වයකට පක්ෂපාතී නොවී මධ්‍යස්ථව කටයුතු කිරීම ජාතික ජන බලවේග රජයේ නොසැලෙන විදෙස් ප්‍රතිපත්තිය බවයි. ගෝලීය වෙළෙඳ, තාක්ෂණික හා ආර්‍ථික ගිවිසුම් මගින් මුළු ලෝකයම එකිනෙක බැඳී පවතින වටපිටාවක, අනෙකුත් රාජ්‍යයන් සමග සමීප මෙන්ම ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර අර්‍බුදකාරී වාතාවරණයක් නිර්‍මාණය වූ අවස්ථාවේදී, අමෙරිකානු යුද ගුවන් යානා කිහිපයකට ශ්‍රී ලංකාවට ගොඩබැස්වීමටත්, ඉරාන යුද නෞකා කිහිපයකට මෙරට වරායන් වෙත පැමිණීමටත් කළ ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කිරීමට රජය පියවර ගත් බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. එමෙන්ම ඉරාන නෞකාව හා සබැඳි සිදුවීමේදී ශ්‍රී ලංකා රජය ගනු ලැබූ ක්‍රියාමාර්‍ග සහ තීන්දු තීරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් ඇගයීමට ලක්වූ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad