
ඇමති නිවාස සියල්ල වෙන්දේසියේ විකුණනවා..- ජනපති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ 'වසර දෙකයි - රටට සුබයි' තේමාව යටතේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවති ජන රැලිය අමතමිනි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, දේශපාලනය යනු මහජන දේපළ හා ධනය නාස්ති කිරීම නොව සැබෑ මහජන සේවයක් බවට පත් කරමින් වත්මන් රජය මෙරට දේශපාලන සංස්කෘතියේ ඓතිහාසික පරිවර්‍තනයක් සිදු කර ඇති බවයි. අතීතයේදී මෙන් නොව, අමාත්‍යවරුන් වෙනුවෙන් නිල නිවාස, වාහන පෙළපාළි, දැවැන්ත ආරක්ෂක රැකවල් මෙන්ම ජල සහ විදුලි බිල්පත් ගෙවීම් ආදී සියලු වරප්‍රසාද වත්මන් පාලනය යටතේ අහෝසි කර ඇති බවත්, අමාත්‍ය නිවාස විකිණීම සඳහා මේ වන විටත් පුවත්පත් දැන්වීම් පළ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මීට අමතරව, වසර පහක් පාර්‍ලිමේන්තුවේ රැඳී සිටීමෙන් පසු මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ විශ්‍රාම වැටුප් ක්‍රමය මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී තිබූ විශාල නිල නිවාස, අතිවිශාල කාර්‍ය මණ්ඩල, වාහන සහ ආරක්ෂක වරප්‍රසාද පාර්‍ලිමේන්තු පනතක් මඟින් සහමුලින්ම අහෝසි කිරීමට රජය කටයුතු කළ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය. කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 25කට සීමා කරමින් රාජ්‍ය අමාත්‍ය ධුර සම්පූර්‍ණයෙන්ම අහෝසි කළ බවත්, අතීතයේ පැවති පරිදි රාජ්‍ය නිලධාරීන්ට පහරදීම් හෝ පොලිස් නිලධාරීන් දේශපාලන අවශ්‍යතා මත මාරු කිරීම් සිදු නොවන සාමකාමී පරිසරයක් රට තුළ ස්ථාපිත කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ගමන නොනවත්වා ඉදිරියට ගෙන යන බවද ඔහු අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

