FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අද සිට විදුලිය කපයි.. කාල සටහන, කලාප මෙන්න..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

බලශක්ති අමාත්‍යාංශයේ බලධාරීන් මේ බව තහවුරු කළේය. මෙම සැලසුමට අනුව සමස්ත දිවයිනම කලාප හතරකට (04) වෙන් කෙරෙන අතර, පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා වන සන්ධ්‍යා කාලයේ උපරිම විදුලි ඉල්ලුම පවතින පැය හතරක කාලය තුළ එක් එක් කලාපය සඳහා දිනකට පැයක කාලයක් බැගින් විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතය. මෑතකදී ජාතික විදුලිබල පද්ධතිය තුළ හටගත් අනපේක්ෂිත හදිසි බිඳවැටීම් සහ පද්ධතියේ අස්ථාවරත්වය හමුවේ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරමින් විදුලි සම්ප්‍රේෂණය කළමනාකරණය කරගැනීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවූ බව පද්ධති ක්‍රියාකරු පෙන්වා දෙයි. මේ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සහ අමාත්‍යාංශයේ අවසන් අනුමැතිය හිමිවූ වහාම, එක් එක් කලාපයන්ට අදාළව විදුලිය විසන්ධි වන නිශ්චිත වේලාවන් දැක්වෙන කාලසටහන කඩිනමින් මහජනතාව වෙත ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා හටගත් හදිසි සම්පූර්‍ණ විදුලි ඇනහිටීමත් සමඟ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන ඒකක තුනම එකවර ක්‍රියාවිරහිත වූ අතර, ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 810ත් 900ත් අතර විදුලි ධාරිතාවක් අහිමි විය. ගල් අඟුරු බලාගාරයක ජනන යන්ත්‍රයක් නැවත පණගන්වා පද්ධතියට එක්කිරීමට දින 4ක් හෝ 5ක් ගතවන බැවින්, සතියේ වැඩකරන දින ආරම්භ වීමත් සමඟ ඉහළ යන දැවැන්ත විදුලි ඉල්ලුම හමුවේ මෙරට තුළ සීමිත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි බලශක්ති විශේෂඥයන් මීට පෙරද අනතුරු අඟවා තිබිණි. ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව කිසියම් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ක්ෂේත්‍රයේ ස්වාධීන නියාමකයා වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පූර්‍ව අනුමැතිය ලබාගැනීම අනිවාර්‍ය නීතිමය අවශ්‍යතාවක් වේ. පවතින ජල විදුලි සහ තාප විදුලි ධාරිතාව උපරිමයෙන් යෙදවුවද සන්ධ්‍යා කාලයේ මතු වන උච්චතම ඉල්ලුම පියවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තාවකාලික කප්පාදුව යෝජනා වී තිබේ. අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උඩුවෙල, වාලච්චේන, මාලිබොඩ, වැවැල්වත්ත සහ විමලසුරේන්ද්‍ර උපපොළවල් අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බොලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැළණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්‍ධනපුර, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ සහ SUB A, C, I අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බොලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැළණිය, කෑරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මාහෝ, මන්නාරම, මොනරාගල, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්‍ධනපුර, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ සහ SUB C, I, M, N. අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුපිටිය/උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්‍ර

Google AdSense

In-Article Ad