FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මාලිමා සභාපතිගේ යෝජනාවට මාලිමා මන්ත්‍රීන් පහක් විරුද්දව ඡන්දය දෙයි.. සජබ මන්ත්‍රීන් ඡන්දය දී සම්මත කර දෙයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අම්බලන්ගොඩ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නගර සභා සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාසික සභා රැස්වීමේදී මෙම උණුසුම් වාතාවරණය හටගෙන ඇති බව වාර්‍තා වේ. අම්බලන්ගොඩ නගර සභාව සහ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන, රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිත කාන්තා වැඩසටහනක් වෙනුවෙන් දැරීමට සිදුවන සම්පූර්‍ණ මූල්‍ය වියදම නගර සභා අරමුදලින් දැරීමට සුදුසු බවට සභාපතිවරයා විසින් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ජනිත් වික්‍රමතිලක මහතා මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ඉල්ලා සිටීමත් සමඟ සභාවේ බෙදීමක් නිර්‍මාණය විය. ඡන්ද විමසීමේදී පාලක ජාතික ජන බලවේගය නියෝජනය කරන උපසභාපති එස්.එම්. සරත්චන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු නිශාන්ත වර්‍ණකුලසූරිය, කේ. ඩබ්ලිව්. සංඛ ධනංජය, ගයනි දේවිකා සහ ජගත් නිශාන්ත යන නාගරික මන්ත්‍රීවරුන් පස්දෙනාම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සභාව තුළ නිහඬව සිටීමට පියවර ගත්හ. කෙසේ වෙතත්, සභාපතිවරයාට පක්ෂව ඡන්ද 9ක්ද, විපක්ෂව ඡන්ද 5ක්ද ලැබුණු අතර සභිකයින් 7 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 4කින් සම්මත වූ බව සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතා නිවේදනය කළේය.

Google AdSense

In-Article Ad