
පුතා විසින් තම මවගේ දෑත් ගැටගසා ළිඳකට දමා ඝාතනය කරයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගහතැන්න පොලිස් වසමට අයත් පැලවත්ත බටහිර දකුණ ග්රාම සේවා වසමේ, ජනපදය ප්රදේශයේ පදිංචිව සිටි දවටගේ නන්දාවතී නමැති 76 හැවිරිදි වියපත් මවකි. පසුගිය 18 වැනිදා සවස් කාලයේදී පොලීසිය වෙත ලැබුණු හදිසි තොරතුරකට අනුව ක්රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් පරීක්ෂා කිරීමේදී, නිවස ආසන්නයේ තිබූ අඩි විස්සක් පමණ ගැඹුරු අනාරක්ෂිත ළිඳ තුළ වැටී මියගොස් සිටි අදාළ කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී ඇත. ඒ වන විටත් ඇයගේ දෑත් එකට තබා ගැටගසා තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 50 හැවිරිදි පුත්රයාගෙන් සිදුකළ මූලික ප්රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ, ඔහු දීර්ඝ කාලයක සිට මන්ද මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකු බවයි. මෘත දේහය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කර මානසික වෛද්ය පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගන්නා බව මීගහතැන්න පොලීසිය සඳහන් කරයි.
Google AdSense
In-Article Ad

