FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඥාණසාර හිමිට දුන් අධිකරණ තීන්දුව හරි... මං සමාව දීල තියෙන්නෙ එක නඩු තීන්දුවකටයි..- මෛත්‍රී

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අධිකරණය ලබාදුන් තීන්දුව මුළුමනින්ම නිවැරදි බවත්, තමන් ඊට හිස නමා ගරු කරන බවත් පවසන හිටපු ජනාධිපතිවරයා, සිය නිලධාරීන් අතින් සිදුවූ එම වරද සම්බන්ධයෙන් සමස්ත මහා සංඝරත්නයෙන් සමාව අයැද සිටින බවද අවධාරණය කරයි. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ B 7417/10 (අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීම) සහ අංක 40042 දරන නඩු දෙකට අදාළව ඥානසාර හිමියන්ට සමාව ලබාදීමේදී මෙම ගැටලුව මතු වී ඇති බවයි. අදාළ නඩු දෙකටම සමාව ලබාදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය වෙත ලිපි යොමු කර අනුමැතිය ලබාගත යුතු බවට සිය කාර්‍යාලයේ නීති අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරිය තමන් දැනුවත් කළද, ඇය එම ඉල්ලීම අදාළ අමාත්‍යාංශය වෙත යොමු කර නොතිබූ බව හිටපු ජනාධිපතිවරයා හෙළි කරයි. ඒ අනුව විෂයභාර අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව සිය අත්සන පමණක් ලබාගෙන ඇත්තේ තමන්ව මුළාවට ලක්කරමින් බවත්, එම ක්‍රියාපටිපාටික දෝෂය පදනම් කරගනිමින් ආචාර්‍ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානය හරහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණය හමුවේ ගොනු කළ නඩුවකින් මෙම තීන්දුව ලැබී ඇති බවත් ඔහු සඳහන් කරයි. තමන් එකල දරන ලද විධායක ජනාධිපති ධුරය යටතේ සේවය කළ නිලධාරිනියගේ නොසැලකිල්ල හමුවේ ඥානසාර හිමියන්ට මෙලෙස නැවත වරක් සිරගත වීමට සිදුවීම පිළිබඳව තමන් බලවත් කනගාටුව පළකරන බව පවසන සිරිසේන මහතා, අධිකරණ තීන්දුව අධ්‍යයනය කිරීමෙන් පසු මහා සංඝරත්නයට සහ මහජනතාවට සත්‍ය පැහැදිලි කරදීම සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව වැඩිදුරටත් කියා සිටියි.

Google AdSense

In-Article Ad