FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

තලල්ලෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු රැසක්

FM Heart · 1 min read

The Heart Academy
මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේ දී සොයාගත් උර සහ ගමන් මලුවල ඇත්තේ හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට අනාවරණ වී තිබෙනවා. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසීයකට (200) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසීය හැත්තෑ පහකට (275) අධික තොගයක් එහි තිබූ බවයි නාවික හමුදා පැවසුවේ. ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්‍තමේන්තුව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුමේදීයි ඒවා සොයාගෙන ඇත්තේ. උර දහයක් (10) සහ ගමන් මලු එකොළහක් (11) සමඟ, එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් ද එහිදි සිය භාරයට ගත් බව නාවික හමුව පැවසුවා. එම මත්ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය සඳහා මහජන ආරක්‍ෂක හා පාර්‍ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන යන මහත්වරුන් පැමිණ තිබෙනවා. .
99mobile