
විහාරමහාදේවී උද්යානයේ තියෙන්නේ පොහොට්ටු වැඩසටහන දේශපාලන සංදර්ශනයක්..
FM Heart · 1 min read
එම මාධ්ය සාකච්ඡාවට ශ්රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා, ප්රධාන ලේකම් හා නෝවුඩ් ප්රාදේශීය සභා මන්ත්රී නොයෙල් ජනාස්තන් සහ ජාතික සංවිධායක මිලාන් පෙරේරා යන මහත්වරු සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ පක්ෂ සභාපති චමීර පෙරේරා මහතා ප්රකාශ කළේ, විහාරමහාදේවී උද්යානයේදී පැවැත්වෙන පොහොට්ටුවේ සහ රාජපක්ෂ කණ්ඩායමේ වැඩසටහන හුදෙක් දේශපාලන ව්යාපෘතියක් පමණක් බවයි. එම වැඩසටහනට කිසිදු බුද්ධ ශාසනික හෝ ධර්මානුකූල පදනමක් නොමැති බවත්, එය තවත් එක් දේශපාලන සංදර්ශනයක් පමණක් බවත් ඔහු චෝදනා කළේය. මෙවැනි දේශපාලන ක්රියාකාරකම් සම්බන්ධයෙන් රජය දේශපාලනික වශයෙන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ පෙරේරා මහතා, ඒවා වැළැක්වීමට අවශ්ය ක්රියාමාර්ග ගත යුතු බව ද සඳහන් කළේය. රට බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පිරිස් විසින් සිදුකරනු ලබන මෙවැනි ක්රියාකාරකම් මහජනතාව විසින් දැනටමත් පසෙකලා ඇති බව ද ඔහු පැවසීය. බුදුදහම යනු සියලු සත්වයන් කෙරෙහි මෛත්රිය, කරුණාව සහ අහිංසාව පතුරුවන දර්ශනයක් බව පෙන්වා දුන් සභාපතිවරයා, බුදුපිළිම ඉදිරියේ තොවිල් නැටීම, ශාප කිරීම් සහ වෛරී චේතනාවෙන් සිදුකරන ක්රියාකාරකම් බුදුදහමේ මූලික ප්රතිපත්තිවලට පටහැනි බව ද වැඩිදුරටත් ප්රකාශ කළේය.

