FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

විහාරමහදේවියේ සත්‍යාග්‍රහය අත්හිටුවයි.. ඥාණසාර හිමි තාම වැලිකඩ හිරේ...

FM Heart · 1 min read

The Heart Academy
සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව නිල වශයෙන් නිවේදනය කළහ. ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය අද වන විට 10 වැනි දිනටත් එළඹ තිබූ අතර, උද්‍යාන භූමියේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලාගේ පුවරු ගැලවීමට කොළඹ මහ නගර සභාව දැරූ උත්සාහයත් සමඟ පසුගිය දිනවල එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් ද නිර්‍මාණය විය. මීට අමතරව, අදාළ සත්‍යග්‍රහය විසුරුවා හැරීම සඳහා පොලිසිය හෙට (26) දිනයේදී අධිකරණයෙන් වරෙන්තු ලබා ගැනීමට සූදානම් වන බවට ද වාර්‍තා පළව තිබිණි. කෙසේ වෙතත්, ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ කටයුත්ත භාරගැනීමට මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් එකඟතාව පළ කර ඇති බැවින්, උන්වහන්සේලාගේ එම තීරණයට ගරු කරමින් සත්‍යග්‍රහ ව්‍යාපාරය මෙලෙස තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
99mobile