
රඹුක්කන – පේරාදෙණිය, ගම්පොළ අතර දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවයි
FM Heart · 1 min read
රඹුක්කන – පේරාදෙණිය, ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් සක්රීය වී තිබෙනවා. එහි දුම්රිය මාර්ගය මතට පස් සේදී එමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. මේ නිසා දුම්රිය මාර්ගයට සිදුව ඇති හානි පිළිසකර කිරීම සඳහා ඊයේ සහ අද හදිසි ප්රතිසංස්කරණ කටයුතු සිදුකර තිබෙනවා. එහෙත් දුම්රිය මාර්ගය මතට පස් කඳු කඩා වැටීමේ දැඩි අවදානම තවමත් පහව ගොස් නැහැ. මේ අතර රඹුක්කන – පේරාදෙණිය, ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙන කාලය තුළ එම දුම්රිය සඳහා මුදල් ගෙවා ආසන කලින් වෙන් කරවා ගත් මගීන්ට ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදල ආපසු ගෙවීමට ද තීරණය කර තිබෙනවා. අත්යවශ්ය දුම්රිය ගමන් වාර අවලංගු වීම හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳ කණගාටුවද පළ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ .

