
ජාත්යන්තර රතු වරෙන්තුව නිසා බැසිල් රාජපක්ෂට ඇමරිකාවෙන් එළියට යෑමට නොහැකිව හිර වෙයි!
FM Heart · 1 min read
වරෙන්තුකරුවෙකු වූ බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට ශ්රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා ජාත්යන්තර මට්ටමෙන් ගත යුතු ක්රියාමාර්ග දැනටමත් සිදුකරගෙන යන බව රජයේ ආරංචි මාර්ග පැවසීය. මේ පිළිබඳව ශ්රී ලංකා පොලිසිය පවා ජාත්යන්තර පොලිසිය දැනුවත් කර තිබෙන බවද, බැසිල් රාජපක්ෂ රතු වරෙන්තුකරුවෙකු නිසා ඇමරිකාවේ සිට වෙනත් රටකට කිසිම හේතුවක් මත ඔහුට යෑමට නොහැකි බවද ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. බැසිල් රාජපක්ෂ මෙරටට ගෙන්වා ගැනීමට ඇමරිකාවේ අධිකරණයට පවා දැනුම්දිය යුතුය.

