
ශ්රී ලන්කන් යානයක් ගුවන් ගත වෙන්නම යද්දී එන්ජිමක් කැඩේ.. හදිසි තිරිංග යොදා ටයර් කඩාගෙන නවත්තාගනී..
FM Heart · 1 min read
ශ්රීලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් A330-300 වර්ගයේ 4R-ALR දරන UL503 ගුවන් යානය ධාවන පථය ඔස්සේ ඉහළට එසවීමට සූදානම් වූ අවස්ථාවේදී එහි අංක 02 එන්ජිමේ මෙම හදිසි දෝෂය හටගෙන තිබේ. එම අවස්ථාවේදී ක්රියාත්මක වූ ගුවන් නියමුවන් අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ යානය ගුවන්ගත කිරීම වහාම අත්හිටුවා එය ආරක්ෂිතව පාලනය කර ගැනීමට සමත්ව ඇත. හදිසි තිරිංග යෙදීමත් සමඟ ගුවන් යානයේ ටයර්වලට ද හානි සිදුව ඇති බව මූලික නිරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, සිදුවීමට තුඩුදුන් නිශ්චිත හේතු මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, නියමුවන්ගේ කඩිනම් සහ නිවැරදි තීරණය හේතුවෙන් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව බේරා ගැනීමට හැකිවූ බව තහවුරු කර තිබේ. සිද්ධියට අදාළ මූලික හේතුව සොයා ගැනීම සඳහා ශ්රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා තාක්ෂණික අංශ මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

