FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සංගක්කාරට අයර්‍ලන්තයේදී කරදරයක්... ගුවන් සේවයකින් පවුලටම තර්‍ජන!

FM Heart · 2 min read

The Heart Academy
අයර්‍ලන්තයේ ඩබ්ලින් නුවර ගුවන්තොටුපොළේදී Ryanair ගුවන් සේවයේ කාර්‍ය මණ්ඩලය තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට වෙනස්කම් කරමින්, තර්‍ජනාත්මක හා නොමනා අයුරින් සැලකූ බවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර චෝදනාවක් එල්ල කරයි. සිය නිල ‘X’ ගිණුම ඔස්සේ සටහනක් තබමින් සංගක්කාර මේ පිළිබඳව විවෘතව ප්‍රශ්න කර ඇති අතර, එම සිදුවීම අතිශය කම්පන සහගත අත්දැකීමක් වූ බවද ඔහු ප්‍රකාශ කර තිබේ. “ඩබ්ලින්හිදී Ryanair ගුවන් සේවයේ ගේට්ටු කාර්‍ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම්වලට ලක්වූ කිසිවෙකු හෝ සිටිනවාද? මගේ පවුලේ සාමාජිකයන් සමඟ මට සුළු මොහොතකට පෙර එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ අතර එය අතිශයින්ම කම්පන සහගතයි. ඔවුන් අප ඇමතූ ස්වරූපය, ගුවන් ගමන් ක්‍රියා පටිපාටිය හැසිරවූ අක්‍රමවත් ආකාරය සහ ඔවුන්ගේ තර්‍ජනාත්මක හැසිරීම කිසිදු ගුවන් මගියෙකුට පිළිගත නොහැකි මට්ටමේ එකක්. මෙය ඩබ්ලින් නුවරදී මා ලැබූ පළමු අයහපත් අත්දැකීමයි” ක්‍රිකට් පිටිය තුළ මෙන්ම පිටියෙන් බැහැරවද සංයමයෙන් හා විනයගරුක භාවයෙන් කටයුතු කරන ක්‍රීඩකයෙකු ලෙස ගෝලීය ගෞරවයට පාත්‍රව සිටින කුමාර් සංගක්කාර එල්ල කළ මෙම චෝදනාවත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි කතාබහක් නිර්‍මාණය වී ඇත. මෙම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රකට බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී පියර්‍ස් මෝගන් පවසා ඇත්තේ, කුමාර් සංගක්කාර යනු තමන් හමුවූ වඩාත්ම ගෞරවනීය මහත්වරුන්ගෙන් අයෙකු බවත්, ඔහු මෙවැනි ප්‍රකාශයක් කළේ නම් එම කාර්‍ය මණ්ඩලයේ හැසිරීම සැබවින්ම ලැජ්ජා සහගත එකක් විය යුතු බවත්‍ය. මේ පිළිබඳව අදාළ ගුවන් සමාගම කඩිනම් පියවරක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට්, එක්දින හා විස්සයි-20 තරග සිය ගණනක් නියෝජනය කරමින් කණ්ඩායම මෙහෙයවූ කුමාර් සංගක්කාර, ලොව කීර්‍තිමත්ම ක්‍රිකට් සමාජය වන එංගලන්තයේ මෙරිල්බෝන් ක්‍රිකට් සමාජයේ (MCC) සභාපති ධුරයට පත් වූ පළමු බ්‍රිතාන්‍ය නොවන නායකයාද වේ. වර්‍තමානයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසද හෙතෙම කටයුතු කරයි. කෙසේවෙතත්, ඩබ්ලින් ගුවන්තොටුපොළ මූලස්ථානය කරගත් ප්‍රමුඛ පෙළේ අඩු මිල ගුවන් සේවයක් වන රයන්එයාර් ආයතනය මෙතෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
99mobile