
රට පුරා සූකර උණ පැතිරේ...
FM Heart · 1 min read
පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ ක්ෂේත්ර පරීක්ෂාවන්හිදී මෙම වෛරසයට අදාළ රෝග කාරකවලින් 99%ක්ම මෙරට සූකර ගොවිපොළ ආශ්රිතව හඳුනාගැනීමට හැකිවූ බව සෞඛ්ය අංශ තහවුරු කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුරය, මහනුවර සහ පුත්තලම යන දිස්ත්රික්ක 6 ආවරණය වන පරිදි පිහිටි සූකර ගොවිපොළ 48ක සතුන් 1,200කට ආසන්න සංඛ්යාවක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් බහුතරයක් සතුන්ට මෙම උණ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ප්රධාන වසංගත රෝග විද්යාඥ, විශේෂඥ වෛද්ය ප්රදීප් කුමාරවඩු මහතා ප්රකාශ කළේය. පසුගිය වසරේදීද මෙරටින් මෙම රෝග තත්ත්වය වාර්තා වූ අතර දැඩි ජෛව ආරක්ෂණ ක්රමවේද හරහා එය පාලනය කිරීමට පියවර ගත්තද, මේ වන විට යළිත් වරක් දිවයිනේ ප්රධාන දිස්ත්රික්ක රැසක රෝගය ව්යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

