FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කතානායන නිවසේ බඩු පොත නැතිවී මාසයයි.. කිසිම හෝඩුවාවවක් නෑ.. අල්ලස් කොමිසමත් හිරවෙයි..

FM Heart · 1 min read

The Heart Academy
මෙම තුරුදන්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර ඇත. ඒ යටතේ නිල නිවසේ බංගලා කළමනාකරු පසන් ඇතුකෝරල මහතා ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සේවකයන් හය දෙනෙකුගෙන් මේ වන විටත් දීර්‍ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඉදිරියේදී එහි සේවය කරන තවත් සේවකයන් දෙදෙනෙකු කැඳවා ප්‍රශ්න කිරීමටද නියමිතව තිබේ. බංගලා කළමනාකාරවරයා විසින් අදාළ පොත එහි සේවකයෙකුගේ භාරකාරත්වයට පත්කර තිබියදී පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙලෙස අස්ථානගත වී ඇති බවත්, ඒ පිළිබඳව කළමනාකාරවරයා විසින්ම අල්ලස් කොමිසම වෙත කරුණු වාර්‍තා කර ඇති බවත් අනාවරණය වේ. කථානායක කාර්‍යාලයට අයත් භාණ්ඩ පරිහරණයෙන් බැහැර කිරීම් හා මුදාහැරීම් පිළිබඳ තොරතුරු රැසක් මෙම නිල ලේඛනයේ සටහන්ව තිබූ බවට වාර්‍තා වන අතර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව විමර්‍ශනයක් අරඹා තිබූ පසුබිමක මෙම අතුරුදන්වීම සිදුව තිබීම විශේෂත්වයකි.
99mobile