FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ආණ්ඩුවට පමණක් රට හදන්න බෑ.. ජනතාවගේ සහායත් අත්‍යවශ්‍යයි..- ටිල්වින්

FM Heart · 2 min read

The Heart Academy
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මහතා විසින් රචිත "රෝහණ විජේවීරගේ ප්‍රකාශය" නැමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයට කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුකරණයට පිවිස ඇති අවස්ථාවක මෙවැනි කෘතියක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න කළ හැකි වුවද, දේශපාලන ව්‍යාපාරයක් ලෙස රට පාලනය කිරීමේදී ඉතිහාසයේ තමන් සිටි ස්ථාවරයන් සහ දැරූ මතවාදයන් පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් බව ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේය. 1971 අරගලය බලය අල්ලා ගැනීම සඳහා සිදු කළ එකක් බවට බොහෝ දෙනා චෝදනා කළද, රෝහණ විජේවීර මහතා සිය ප්‍රකාශය තුළ 'විප්ලවය' යන වචනය පවා භාවිත කර නොමැති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම එය කැරැල්ලක් නොවන බවත්, එවකට පැවති රජයේ මර්‍දනය සහ තමන්ව සිරගත කිරීම හේතුවෙන් පක්ෂය තුළ ඇති වූ අභ්‍යන්තර අර්‍බුද මත එවැනි තත්ත්වයක් උද්ගත වූ බවත් විජේවීර මහතා සිය ප්‍රකාශයෙන් පැහැදිලි කර ඇති බව සිල්වා මහතා පැවසීය. තමන් පිටත සිටියේ නම් ව්‍යාපාරය තුළ එවැනි වැරදි තීන්දුවක් ගැනීමට ඉඩ නොදෙන බවට ද එහි සඳහන් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 1965-70 දශකයේ විශ්වවිද්‍යාල තරුණයින් රැකියා වෙත යොමු වුවද ඔවුන්ගේ සිහිනය වූයේ උසස්වීම් හෝ වැටුප් වැඩි කර ගැනීම නොව සමාජය වෙනස් කිරීම බව සිහිපත් කළ ප්‍රධාන ලේකම්වරයා, 1971 සහ 1988/89 කාලවලදී තම පෞද්ගලිකත්වය කැප කරමින් රට ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළ ඉතිහාසයක් තිබෙන බව සඳහන් කළේය. වර්‍තමානයේදී රට ගොඩනැගීම සඳහා එම කැපවීම අවශ්‍ය බව අවධාරණය කළ ටිල්වින් සිල්වා මහතා, පුරවැසියන්ගේ සහයෝගය සහ ආකල්පමය දායකත්වය නොමැතිව කිසිදු ආණ්ඩුවකට තනිවම රටක් ගොඩනැගීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
99mobile