FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

උපවාස භූමියේ ගැටුමට රිමාන්ඩ් භාරයේ සිටි හිමිවරුන් පස් නමට සහ ගිහි දෙදෙනාට ඇප…සද්ධාරතනටත් ඇප

FM Heart · 3 min read

The Heart Academy
සද්ධාරතන භික්‍ෂුවක් නොවන බව තහවුරු කරන මුල් පිටපත් උසාවිය ඉල්ලයි රුවන්වැලි සෑය ආසන්නයේ පිහිටි දන්සල් පරිශ්‍රයේ එක් පසෙක හික්ෂූන් වහන්සේලා පිරිසක් පවත්වාගෙන ගිය උපවාසයට මැර කල්ලියක් සමග කඩා වැදුණු රාජාංගනේ සද්ධාරතන නමැත්තාට අතින් පයින් සහ පොලුවලින් පහර දී තුවාල සිදු කළ බව කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පස්නම සහ අනෙක් සැකකරුවන් ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා ඊයේ (26) නියෝග කළේය. ඒ අනුව සියලු සැකකරුවන් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා 2027 වසරේ අප්‍රේල් මස 29 දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සියලු සැකකරුවන්ට නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හැරියේ බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන භික්ෂූන් වහන්සේලා සහ උදිත නිශාන්ත සහ ලක්මාලි හෙට්ටිආරච්චි නමැති සැකකරුවන්‍ය. නඩුව යළි කැඳවූ අවස්ථාවේ බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් වෙනූවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරුන් වන නුවන් බැල්ලන්තුඩාව, ඉන්දික ඉඹුල්පිටිය සහ සංජීව ගුණරත්න යන මහත්වරුන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසයි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අනුරාධපුර පොලිසිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීමට සම්බන්ධව විරෝධය නොදැක්වීය. දෙපාර්‍ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සියලු සැකකරුවන් ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. මේ අතර රුවන්වැලිසෑය දන්සල් පරිශ්‍රයේ උපවාස භූමියට මැර කල්ලියක් සමග කඩා වැදී කලහකාරීව හැසිරී උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේලාට බාධා කර පහර දීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රාජාංගනේ සද්ධාරතන නමැත්තාද රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප මත මුදාහැරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. රාජාංගනේ සද්ධාරතන නමැත්තාට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්‍ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්ද හබක්කල මහතා කියා සිටියේ උපවාස භූමියේ පැවති ගැටුමට පෙර දිනයේ ‘උපවාසයට හෙට අපි ගහනවා. වරෙල්ලා’ කියා සද්ධාරතන නමැත්තා සමාජ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ගෙන ගිය බවයි. ඒ අනුව සද්ධාරතන නැමැත්තා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (iccpr) පනතේ 3.(1) වගන්තිය යටතේ වරදක් කර ඇති බව අවධාරණය කළ නීතිඥවරයා එවැනි වරදක් කරන්නකුට සුවිශේෂී කරුණු මත ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට පමණක් බව ඉහත පනතේම 3.(4) වගන්තිය මගින් දක්වා ඇති බව කීවේය. ඒ අනුව බී වාර්‍තා මගින් පොලිසිය කුමක් කීවද පොලීසියට ලබා දී ඇති වීඩියෝ දර්‍ශන ඔස්සේ මෙම ගැටුමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි බව ද ප්‍රකාශ කළ නීතිඥ ඉන්දික ඉඹුල්පිටිය මහතා රාජාංගනේ සද්ධාරතන නමැත්තාට සාමණේර සහතිකයක් හෝ උපසම්පදා සහතිකයක් නොමැති බව ද පැවසීය. ඒ බව තහවුරු කිරීමට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළ නීතීඥවරයා තවදුරටත් කියා සිටියේ රාජාංගනේ සද්ධාරතන නමැත්තා මෙරට කිසිදු නිකායක් භික්ෂුවක ලෙස පිළිනොගන්නා බවයි. නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා කියා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවකු වන කේ.සමන් ෆොන්සේකා නමැත්තා අධිකරණයෙන් ඇප ලබා පිටව යද්දි උපවාස භූමියේ තමන් කළ සියල්ල අධිකරණය අනුමත කළ නිසා අධිකරණය තමන්ට ඇප නියම කළ බව පවසමින් කිසිවකුට නැවත අනුරාධපුරයට නොඑන ලෙසට තර්‍ජනය කළ බවයි. නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සද්ධාරතන නමැත්තා භික්ෂුවක් නොවන බව තහවුරු කිරීමට අදාළව නීතිඥ ඉන්දික ඉඹුල්පිටිය මහතා ඉදිරිපත් කළ ලේඛනවල මුල් පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඔහුට නියෝග කළේය. අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද සහ මිහින්තලේ – රංග චතූ
99mobile