
ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරු 30දා ලෙඩ වෙති
FM Heart · 1 min read
අගමැතිනිය සමග සාකච්ඡා අසාර්‍ථකයි – ස්ටාලින් ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන සඳුදා (30දා) අසනීප නිවාඩු වාර්‍තා කර විරෝධය දැක්වීමට ගුරු විදුහල්පති සන්ධානය තීරණය කර ඇත. මේ සඳහා ගුරු – විදුහල්පති සන්ධානයට අයත් සියලුම වෘත්තීය සමිති සහාය දක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ ට ඊයේ (26දා) පැවසීය. ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම්වලට සහන ඉල්ලා අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග පෙරේදා (25දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සාකච්ඡා කළ ද ඉන් විසඳුමක් නොලැබීම නිසා යොදාගත් පරිදි 30 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්‍ගයේ නිරත වන බව ස්ටාලින් මහතා කීය. වැටුප් විෂමතා ඉවත් කිරීම, අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කිරීම, ගුරු – විදුහල්පති ප්‍රවාහන ඇතුළු දීමනා රුපියල් 15,000ක් ලබාගැනීම, දරුවන්ගේ පෝෂණ ව්‍යාපෘතිවලට කප්පාදු කර ඇති මුදල ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්‍ගයේ නිරත වන බවද ඔහු කීය. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සඳහා මේ වනවිට නිකුත් කර ඇති සුබෝධනී කමිටු වාර්‍තාව අග්‍රාමාත්‍යවරිය හෝ රජය පිළිනොගැනීම කනගාටුවට කරුණක් බවද ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය. චමින්ද සිල්වා

