
දේශපාලන බලපෑම් නිසා තවදුරටත් ධුරයේ රැඳීම ඵලක් නෑ…බස්නාහිර මාර්‍ගස්ථ මගී ප්‍රවාහන සභාපති අස්වෙයි
FM Heart · 1 min read
බස්නාහිර පළාත් මාර්‍ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ. මේ සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් ඊයේ (26දා) විමසූ විට කියා සිටියේ විවිධ පාර්‍ශ්වයන්ගෙන් එල්ලවන බලපෑම් නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. සිය ධුරයේ රාජකාරි කටයුතු ඉතා අවංකවම ඉටුකළ බවත් මධ්‍යස්ථව අපක්ෂපාතීව රාජකාරි කිරීමේදී දේශපාලනික වශයෙන් බලපෑම් එල්ලවීම නිසා තවදුරටත් එම ධුරයේ රැඳී සිටීම ඵලක් නොවන බවත් තමා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් හෙතෙම කීය. 2024 අගභාගයේදී නව රජය බලයට පත්වීමෙන් පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගාමිණී ජාසිංහ මහතා එම තනතුරට පත් කරනු ලැබීය. සිය ධුර කාලය තුළ බස්‍රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදීම වැළැක්වීම සඳහා හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමටත්, Clean Sri Lanka වැඩපිළිවෙළ යටතේ බස්‍රථවල විනය හා ප්‍රමිතිය ඉහළ නැංවීමටත් ඒ මහතා සුවිශේෂී පියවර රැසක් ගත්තේය. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

