FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

2026 EducationUSA නොමිලේ පැවැත්වෙන විශ්වවිද්‍යාල ප්‍රදර්‍ශනයේදී එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපන අවස්ථා ගවේෂණය කරන්න

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

September 10, (Citizen News) - එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම (US-SLFC), ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්‍යාලය සමඟ එක්ව, 2026 EducationUSA විශ්වවිද්‍යාල ප්‍රදර්‍ශනය සැප්තැම්බර් 14 සිට 18 දක්වා කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන නගරවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රදර්‍ශන මගින් ශ්‍රී ලාංකික සිසුන්ට පිළිගත් එක්සත් ජනපද විද්‍යාල සහ විශ්වවිද්‍යාල එකොළහක නියෝජිතයින් සමඟ සෘජුවම සම්බන්ධ වී, ඇතුළත් වීමේ අවශ්‍යතා, ශිෂ්‍යත්ව සහ අධ්‍යයන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත. කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ඉගෙනුම (machine learning), පරිගණක විද්‍යාව සහ සයිබර් ආරක්ෂාව, ජෛව තාක්ෂණය මෙන්ම වෙනත් අධ්‍යයන ක්ෂේත්‍ර ඇතුළු ඉහළ ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රවල අධ්‍යයන වැඩසටහන් පිළිබඳව දැනුවත් වීමට සිසුන්ට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත. එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු සපයන එක්සත් ජනපද රජයේ නිල

Google AdSense

In-Article Ad