FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කොළඹ කොටස් අද ලොකු පල්ලමක.. ඒකක 281කින් කඩා වැටේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්‍ශකය ඒකක 281.42කින් පහත වැටී ඒකක 19,796.06ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.40ක පසුබෑමකි. මීට අමතරව, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරන S&P SL20 දර්‍ශකයද ඒකක 53.67කින් (සියයට 0.94කින්) පහත වැටී දිනය අවසානයේ ඒකක 5,676.43ක් ලෙස සටහන් විය. දිනය පුරා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුබෑමක ස්වරූපයක් පෙන්නුම් කළද, වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් 1,926,874,492.60ක් ලෙස වාර්‍තා විය. අද දින ගනුදෙනු වාර 21,877ක් සිදු වී ඇති අතර, ඒ හරහා හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය මිලියන 104කට අධිකය.

Google AdSense

In-Article Ad