
දමිළ ජනතාවට අපහාසයක් ගැන සභාවේ උණුසුම් විවාද..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ලංකා කම්කරු කොංග්රසය නියෝජනය කරන සභාපති වේලු යෝගරාජ් මහතාගේ ප්රධානත්වයෙන් අද පැවැති විශේෂ මහ සභා රැස්වීමට 2027 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කෙරිණි. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් 22 දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කිරීමෙන් එය සභා සම්මත විය. සභාවේ බලය හොබවන ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොංග්රසය නියෝජනය කරන මන්ත්රීවරුන්ගේ සහාය අයවැයට හිමි වූ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්රීවරුන් පස් දෙනා ද ඊට පක්ෂව ඡන්දය ප්රකාශ කළහ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සෙසු කණ්ඩායම් නියෝජනය කරන මන්ත්රීවරුන්ගේ සහාය ද අයවැය සම්මත කර ගැනීමට ලැබිණි. ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්රීවරුන් හත් දෙනාගෙන් හය දෙනකු අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබූ අතර, එම පක්ෂයේ රන්ජන් අජිත් කුමාරනායක මහතා සභාවට සහභාගි වී නොසිටියේය. ජන අරගල සන්ධානය නියෝජනය කරන මන්ත්රී බාලක්රිෂ්ණන් පත්මසිරි මහතා ද රැස්වීමට සහභාගි වී නොසිටියේය. අයවැය සම්මත වීමෙන් අනතුරුව අදහස් දැක්වූ සභාපති වේලු යෝගරාජ් මහතා කියා සිටියේ රුපියල් කෝටි 34කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිරි වර්ෂයේදී ක්රියාත්මක කිරීමට සුදුසු අයවැය යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. මෙම වර්ෂයේදී මෙන්ම ලබන වර්ෂයේදී ද මහජනතාව වෙනුවෙන් ප්රගතිශීලී සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා ප්රාදේශීය සභාවේ සියලුම සභිකයන් සහ නිලධාරීන් එක්ව කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. අයවැය සම්මත කිරීමෙන් අනතුරුව, නුවරඑළිය ප්රදේශයේ වතුයායක වතු අධිකාරිවරයකු විසින් දමිළ ජනතාව හැඳින්වීම සඳහා “කල්ලතෝනී” යන වචනය භාවිත කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් සභාවේදී අදහස් පළ විය. එම වචනය දමිළ ප්රජාවට අපහාසයක් වන බවට මන්ත්රීවරුන් විසින් මතු කළ කරුණු හමුවේ පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් අතර දැඩි වාදවිවාද ඇති වූ අතර, සභාවේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය.
Google AdSense
In-Article Ad

