
අපේ හරක් අවුරුදු සීයක් තණකෑ ඉඩම ගෝඨා සිංහලයන්ට දුන්නා…! – ශානක්කියන් රාසමානික්කම්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මඩකලපුව දිස්ත්රික්කයේ මහවැලි ඉඩම් සිංහල ගොවීන් අතර බෙදා දීමට එරෙහිව 2021 තමන් අභියාචනාධිචරණයට ගිය බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශානක්කියන් රාසමානික්කම් පවසයි. ඔහු චෝදනා කරන්නේ දෙමළ කිරී ගොවීන් සිය ගවයන්ට තණ කැවීමට වසර 100ක් තිස්සේ භාවිත කළ මෙම ඉඩම් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නැගෙනහිර ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත්ගේ උවමනාව මත මෙලෙස සිංහල ගොවීන්ට නිතී විරෝධී ලෙස වගා කිරීමට ලබා දුන් බවයි. මෙම තෘණභූමිය අල්ලා ගෙන වගා කරන පිරිස දිවුලපතාන ගම්මානයේ වාසය කරන සිංහල ජනතාව නොව පිටින් පැමිණ ජාතිවාදී ගැටුමක් තැනීමට උත්සාහ කරන පිරිසක් බවද දිවුලපතාන ගම්මානයේ ජනතාව සිටින්නේ තමන් සමග බවද රාසමානික්කම් ප්රකාශ කරයි.
Google AdSense
In-Article Ad

