
පා ගමනට පහර දී නෑ.. පාරේ ගිය දෙන්නෙක් ගහගෙන..- පොලිසිය
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
වීදි ආරවුලක් මුල් කරගනිමින් පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක්, විරෝධතා පාගමනට සම්බන්ධ කරමින් අසත්ය ප්රචාරයක් ගෙනගොස් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. කිතුල්ගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් සිය සමාජ මාධ්ය ගිණුම් ඔස්සේ වීඩියෝ පටයක් මුදාහරිමින්, සිය පාගමනට සම්බන්ධ වූ ආධාරකරුවකුට හෙල්මට් ප්රහාරයක් එල්ල කර ඇතැයි පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මඟින් සිදුකළ මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, අදාළ පහරකෑමට ලක්වූ පුද්ගලයා මෙම විරෝධතා පාගමනට කිසිදු සබඳතාවක් නොමැති අයෙකු බවයි. පොලිස් වාර්තාවලට අනුව, පහරකෑමට ලක්ව වතුපිටිවල රෝහලේ ප්රතිකාර ලබන පුද්ගලයා සිය පෞද්ගලික අවශ්යතාවක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී වීරගුල පොලිස් වසමේ වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී රථවාහන තදබදයකට මුහුණ දී තිබේ. එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් යතුරුපැදිකරුවකු විසින් ඔහුට හෙල්මටයකින් පහරදී ඇති අතර, එම ගැටුමෙන් තුවාල ලැබූ අදාළ යතුරුපැදිකරුද මේ වන විට ගම්පහ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබයි. එම අවස්ථාවේදී අදාළ ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේ, පහරකෑමට ලක්වූ ලොරි රථ රියදුරුගේ තුවාල පෙන්වමින් ඔහු සිය පාගමනේ ආධාරකරුවකු බවත්, පිරිසක් විසින් ඔහුට පහරදුන් බවත් අඟවමින් වීඩියෝ පටයක් සකසා සමාජ මාධ්ය වෙත මුදාහැර ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන ඇත. මහජනතාව නොසන්සුන් වන අන්දමින් සහ කැළඹීම් ඇතිවන පරිදි මෙවැනි අසත්ය හා තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව පවසන පොලීසිය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලිසිය මඟින් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද අවධාරණය කරයි. සමාජ මාධ්ය ජාලාවල සංසරණය වන මෙවැනි සාවද්ය තොරතුරු සම්බන්ධයෙන් අවබෝධයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Google AdSense
In-Article Ad

