FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කටහගස්දිගිලියේ තිදෙනෙකුට අකුණු සැර වැදී එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කහටගස්දිගිලිය, ලොවුල්නෑව වැවේ ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදී එක් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය, බේත්කෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය හේතූන් මත විශ්‍රාමිකව සිටි අයෙකු වනවා. අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. .

Google AdSense

In-Article Ad