
හෝමුස් සමුද්‍ර සන්ධියේ සාකච්ඡා කල් යයි – අල්-මකා වරාය මුදාගැනීමට යේමනයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය පිළිබඳව ගල්ෆ් කලාපීය රටවල් සහ ඉරානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා. කලාපීය රටවල් අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් එලෙස එම සාකච්ඡා කල් දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. කලාපයේ ඇතැම් රටවල් කළ ඉල්ලීමකට අනුව ඉරානය සහ ඕමානය එක්ව මෙම තීරණය ගත් ගෙන ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්‍තා කර තිබෙනවා. මේ අතර යේමනයේ ප්‍රධාන රෙඩ් සී නාවික මාර්‍ගයේ පිහිටි උපායමාර්‍ගික අල්-මකා වරාය නගරය නැවත අත්පත් කරගැනීම සඳහා යේමන රජයේ බලකායන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. ඉරාන සහාය ලබන හූති සටන්කාමීන් අල්-මකා නගරය අත්පත් කරගැනීමත් සමග යේමන රජයේ බලකායන් හූති ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්‍තා වනවා. මේ හේතුවෙන් කලාපයේ ගැටුම් තවදුරටත් උග්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්‍තා කළේ. .
Google AdSense
In-Article Ad

