FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බැසිල් රාජපක්ෂ ලංකාවට පිටුවහල් කිරීමේ සූදානමක්! අධිකරණ නියෝගයක් ගන්නා ලෙස ඇමෙරිකාව ලංකාවට දන්වයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා නීති අංශ සහ ඇමෙරිකානු අධිකරණ කටයුතු දෙපාර්‍තමේන්තුව (US Department of Justice) අතර පැවැති රහසිගත ලිපි හුවමාරුව සාර්‍ථක අවසන් අදියරට පැමිණ තිබේ. එම ලිපි හුවමාරුවලට අනුව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීමට ඇමෙරිකානු බලධාරීන් සූදානමින් සිටින බවට මෙරට නීති අංශ වෙත දැනුම් දී ඇත. ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්හැරීමට බැසිල්ගෙන් ඉල්ලීමක් ඇමෙරිකාවෙන් ලැබෙමින් පවතින මෙම දැඩි නීතිමය බලපෑම හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්‍ශ්වය විසින් ද විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්‍තා වේ. පුරවැසිභාවය අත්හැරීම: තමන් සතු ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්හැරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ඉල්ලීමක් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මෙම ඉල්ලීම ආගමන විගමන දෙපාර්‍තමේන්තුව වෙත ලැබී ඇති නමුත්, මෙරට බලධාරීන් තවමත් ඊට කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත. නඩු පැවරීමට ඇමෙරිකාවෙන් උපදෙස්: පිටුවහල් කිරීමේ සැලසුම බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ලබාදීම සඳහා අනුගමනය කළ යුතු නීතිමය පියවර සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට විශේෂ දැනුම්දීමක් කර තිබේ. එල්ල වී ඇති බරපතළ දූෂණ වංචා චෝදනාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙරට අධිකරණය හමුවේ වහාම නඩුවක් ගොනුකර අධිකරණ නියෝගයක් ලබාගන්නා ලෙස ඇමෙරිකාව දැනුම් දී ඇත. එම උපදෙස් මත පදනම්වබැසිල්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමේ කටයුතු මේ දිනවල ලහිලහියේ සූදානම් කෙරෙමින් පවතියි. අදාළ නඩු කටයුත්තට ද බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම්, ඔහුට එරෙහිව නැවත වරෙන්තුවක් ලබාගෙන ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමට (Extradite/Deport) බලධාරීන් සැලසුම් කර ඇත. ඇමෙරිකානු රජයේ සහාය ඇතිව සිදුවන මෙම නීතිමය ක්‍රියාමාර්‍ගය හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන හා නීතිමය පැවැත්ම බරපතළ අභියෝගයකට ලක්ව තිබේ.

Google AdSense

In-Article Ad