
අගමැති හරිනිගෙන් විශේෂ ප්‍රකාශයක්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සැමරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජගිරිය මහ බැංකු පුහුණු ආයතන ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ විශේෂ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, නීතිය හමුවේ සමාජයේ සෑම පුරවැසියෙකුම සමාන විය යුතු බවත්, කිසිදු තරාතිරමක පුද්ගලයෙකුට නීතියට ඉහළින් වැජඹීමට ඉඩ තැබිය නොහැකි බවත්‍ය. පසුගිය කාලසීමාව තුළ පිරිහීමට ලක්ව තිබූ නීතිය පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැගීම වෙනුවෙන් වත්මන් රජය ප්‍රායෝගික සහ සක්‍රීය ක්‍රියාමාර්‍ග රැසක් ගෙන ඇති බවද ඇය කියා සිටියාය. එම ක්‍රියාමාර්‍ග ක්‍රියාත්මක කිරීමේදී විවිධ පාර්‍ශ්වයන්ගෙන් එල්ල වන විරෝධතා සහ බාධාවන් දෙස බැලීමේදීම මෙම වැඩපිළිවෙළේ ඇති ජාතික වැදගත්කම මෙන්ම, එම විරෝධතා මතුවන්නේ කවර පාර්‍ශ්වයන්ගෙන්ද යන්න ඉතා පැහැදිලි වන බවද ඇය පෙන්වා දුන්නාය. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්‍ණ ස්වාධීනත්වය සහ නිදහස මේ වන විට පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවට මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියටම රජය විසින් ලබා දී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. කෙබඳු දේශපාලන බලපෑම් එල්ල වුවද වරදකරුවන්ට එරෙහිව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය කිසිසේත් ආපසු නොහරවන බවද අගමැතිනිය ප්‍රකාශ කළාය. මහජන මුදල් අවභාවිත කළ, රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කළ සහ අල්ලස් හා දූෂණවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව විමර්‍ශන පවත්වා ඔවුන්ව අධිකරණය හමුවට පමුණුවන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, නව දූෂණ විරෝධී පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසම අර්‍ථවත් කිරීමට රජය කැපවී සිටින බව වැඩිදුරටත් සඳහන් කළාය.
Google AdSense
In-Article Ad

