
පාස්කු ප්‍රහාර විමර්‍ෂන නිසා රවීගේ, ශානිගේ මූලික අයිතීන් කැඩිලා.. වන්දි ගෙවන්නැයි දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග...
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්‍ශන මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීම සිදුකර ඇති බවට මෙහිදී අධිකරණය විසින් නිගමනය කරනු ලැබීය. ඒ අනුව, අදාළ සිදුවීමට පාදක වූ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්‍ධන විසින් පෙත්සම්කාර රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් දෙදෙනා වෙත රුපියල් 50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඊට අමතරව, අදාළ පක්ෂග්‍රාහී විමර්‍ශනය මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ඉන්ද්‍රික ද සිල්වා විසින් පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි මුදල් ගෙවිය යුතු බවටද වැඩිදුරටත් නියම විය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්‍ශනවලට අදාළව තමන්ව අනීතික සහ ද්වේශසහගත ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, පසුගිය ජනාධිපතිවරණ සමයේදී රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දීර්‍ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. Supreme Court Rules on Violations of Fundamental Rights in Easter Attack Inquiry In a landmark decision, the Supreme Court has determined that Ravi Senewiratne, the Secretary of the Ministry of Public Security, and Shani Abeysekera, the Current Deputy Inspector General of the Criminal Investigations Department, violated fundamental human rights during investigations into the Easter Sunday terror attacks. The court found that the violations were carried out by three individuals, including former Inspector General of Police, N. K. Illangakoon. These findings highlight serious concerns regarding the treatment of individuals involved in the inquiries surrounding the tragic events of April 21, 2019. The Supreme Court mandated that both Senewiratne and Abeysekera pay a compensation of 50,000 Rupees each to the complainant, retired Deputy Inspector General Palitha Siriwardena, as part of its ruling. This decision underscores the court’s commitment to upholding individual rights in the face of institutional practices. Additionally, Indrika de Silva, who was the Chief Investigating Officer at the time of the related inquiry, has also been ordered to pay 10,000 Rupees in compensation to the complainants. This ruling reinforces the principle that accountability must extend throughout all levels of law enforcement. The Supreme Court’s decision, which came after extensive examination of the fundamental rights petitions filed by Senewiratne and Abeysekera requesting protective relief against arbitrary actions, serves as a crucial precedent in ensuring that future investigations are conducted with respect for human dignity and legal rights. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

