FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හිටපු සභාපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බස්නාහිර පළාත් මාර්‍ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන ඕපාත විතානගේ ප්‍රසන්න සංජීව නමැත්තාය. අල්ලස් කොමිසමේ විමර්‍ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් (15) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ, බස්නාහිර පළාත් මාර්‍ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින්, නියමිත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව මගී ප්‍රවාහන අවසර පත්‍ර නිකුත් කර ඇති බවයි. එමගින් බාහිර පාර්‍ශ්වයන්ට අයුතු සහගත ලෙස වාසි සලසා දී, රජයට රුපියල් 4,160,000/-ක මූල්‍යමය පාඩුවක් සිදුකිරීම තුළින් ඔහු ‘දූෂණය’ නමැති වරද සිදුකර ඇති බවට විමර්‍ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර හිටපු සභාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් නිවේදනය කරයි.

Google AdSense

In-Article Ad