
වැවු රක්‍ෂිත මායිම් කිරීම දිගටම...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඒ අනුව, විවිධ බලපෑම්වලට ලක් වෙමින් පවතින තෝරාගත් වැව් 21 ක කාර්‍යයන් 2025 වර්‍ෂයේදී ආරම්භ කර ඇති අතර නුවර වැව, කන්තලේ වැව හා තිස්ස වැව යන වැව් 03 ට අදාළ සීමාවන් සලකුණු කර මායිම් කණු යෙදීමේ කටයුතු එම වර්‍ෂයේදීම අවසන් කර ඇත. මීට අමතරව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්‍තමේන්තුවේ අනුමැතිය හිමි වූ අදාළ ව්‍යාපෘති යෝජනාවේ ඇතුළත් වැව් 48න් වැඩ ආරම්භ නොකරන ලද ඉතිරි කාර්‍යයන් ඉදිරි වර්‍ෂ වලදී අවසන් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, ඉතිරි වැව්වල මැනුම් කටයුතු සිදු කිරීම, මායිම් ගල් සැකසීම හා සවි කිරීම සහ රුක් රෝපණය ඇතුළුව 2025-2028 කාලසීමාව වෙනුවෙන් සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 400 ක් ලෙස ගණනය කරනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය තවදුරටත් වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව හරහා ක්‍රියාත්මක කරවීම පිණිස කෘෂිකර්‍ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්‍ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Google AdSense
In-Article Ad

