
ජනාධිපතිතුමා කිව්වට වැව් 350 හදන්න තවම මුදල් වෙන්කළේ නෑ…!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජනාධිපතිතුමා පොළොන්නරුවේදී ප්‍රකාශ කළ ආකාරයට වැව් ප්‍රතිසංස්කරණය සඳහා මුදල් වෙන්කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා පොළොන්නරුවේදී ප්‍රකාශ කළ ආකාරයට මේ වසරේ වැව් විශාල ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා මුදල් වෙන්ක හෝ කැබිනට් තීන්දුවක් ගෙන ඇත්දැයි මාධ්‍යෙව්දීයකු නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි. “නැහැ ඊයේ ඒක සාකච්ඡාවට ගත්තේ නෑ. සමහර විට අපට ගිය අයවැය ප්‍රතිපාදනවලින් කරගන්න පුළුවන්. නැත්නම් ඊළඟ අයවැයේදී ඉදිරිපත් කරාවි. ඊයේ ඒ ගැන සාකච්ඡා කළේ නෑ.” කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් අද (15) ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.
Google AdSense
In-Article Ad

