FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගම්මානයකට ජලය ගෙන යන ජල පද්ධතියක් තරුණයන් දෙදෙනකු කඩා වනසති..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කැම්පියන් වතුයායේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ සිට තේ වතුයාය හරහා කැම්පියන් නගරයට ඉහළින් ඉදි කර ඇති ජල ටැංකියකට ජල නළ යොදා ජලය එක් රැස් කර එම ජලය කැම්පියන් නගරයට සහ කැම්පියන් වතුයායේ පහළ කොටසේ වතු නිවාසවලට පානීය ජලය ලබා දීම සිදු කරනු ලබයි. සැකකරුවන් දෙදෙනා (27) රාත්‍රියේ එම ජල නළ පද්ධතිය කඩා විනාශ කර දැමීම සම්බන්ධයෙන් කැම්පියන් නගරයේ වෙළදුන් විසින් බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම වතුයායේම පදිංචි සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා කඩා විනාශ කර දමා තිබූ ජලනළ ප්‍රදේශවාසීන් සහ බගවන්තලාව පොලිසිය එක්ව (28) දින සොයා ගත් අතර, පවත්නා තත්වය මත කැම්පියන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ කැම්පියන් වතුයායේ පහළ කොටසේ පදිංචි වතුකම්කරු පවුල් 225ක් පමණ දැඩි ලෙස පීඩාවට පත් වී ඇත. එයට විරෝධය පාමින් කැම්පියන් නගරයේ ව්‍යාපාරිකයන් සිය වෙළදසැල් වසා දමා විරෝධය දැක්වූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර උපරිම දඩුවම් ලබා දෙන ලෙසයි පානීය ජලය නොමැතිව පීඩාවට පත් වී සිටින කැම්පියන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ සහ කැම්පියන් වතුයායේ පහළ කොටසේ පදිංචි වතුකම්කරු ප්‍රජාව කියා සිටියේ.

Google AdSense

In-Article Ad