FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඩෙංගු වාර්‍තාවක.. රෝගීන් ලක්ෂයේ සීමාව පනී..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බස්නාහිර පළාත් වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේ අද දිනයේදී වාර්‍තා වූ ආසාදිතයාත් සමඟ මෙරට ඩෙංගු රෝගීන් ලක්ෂය ඉක්මවූ බවයි. දෛනිකව වාර්‍තා වන රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් සුළු පහත වැටීමක් දක්නට ලැබුණද, දිවයිනේ පළාත් 07ක් තවදුරටත් පවතින්නේ අධි අවදානම් මට්ටමක බව ඒ මහතා අවධාරණය කළේය. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් නිසි පරිදි පිළිපදිමින්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර රෝග මර්‍දන වැඩපිළිවෙළට උපරිම සහයෝගය ලබා දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Google AdSense

In-Article Ad