FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කළ රුමේෂ්ට රන් පදක්කම

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමට රුමේෂ් තරංග මීට නොබෝ වෙලාවකට පෙර සමත් වුණා. ඒ, හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේදීයි. ක්‍රීඩාංගනයට වැසි ඇද හැලෙමින් තිබියදී තරගය පැවැත්වුනා. එහිදී රුමේෂ් තරංග දැක්වූ ඉහළම දක්ෂතාව මීටර් 88යි සෙන්ටිමීටර් 55ක්. ඉන්දියාවේ යශ්වීර් සිං මීටර් 85යි සෙන්ටිමීටර් 72ක ඉහළම දක්ෂතාවක් දක්වමින් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා. එහි ලෝකඩ පතක්කම දිනා ගත්තේ ඉන්දියාවේ රෝහිත් යාදව් විසින්. ඔහු දැක්වූ ඉහළම දක්ෂතාව මීටර් 84යි සෙන්ටිමීටර් 35ක්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහද මෙම ඉසව්වට තරඟ වැදුනා. මීටර් 78යි සෙන්ටිමීටර් 8ක ඉහළම දක්ෂතාවක් දැක්වූ ඔහුට හිමි වූයේ තරගයේ 6වන ස්ථානයයි. .

Google AdSense

In-Article Ad