FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අනුරාධපුරේට නොදෙවෙනි තව රැලියක් පොහොට්ටුවෙන්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වත්මන් රජය ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස බලකිරීම මෙම රැළිය මඟින් අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය . නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ආදරය කරන විශාල ජනතාවක් රට තුළ සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා , නාමල් රාජපක්ෂ මහතා සිරගත කිරීමට උත්සාහ කළද ඔහු වෙනුවෙන් ජනතාව පෙරමුණ ගනිමින් සිටින බවද ප්‍රකාශ කළේය . එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ සඳහන් කළේය . “අනුරාධපුර රැළියට නොදෙවැනි රැළියක් පවත්වා , මේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මෙන් බලකිරීම සඳහාත් අපි අද සාකච්ඡා කළා . නාමල් රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාවක් තමයි රටේ ඉන්නේ . 2029 දී අනුර කුමාර දිසානායක මහතාව පරාජය කරන නාමල් රාජපක්ෂව සිරගත කරන්න උත්සාහ කරද්දී , අද රටේ ජනතාව එකතු වෙනවා ඔහුව ආරක්ෂා කරගන්න . ඒ වැඩපිළිවෙළ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ .”

Google AdSense

In-Article Ad