
මාලිමාණ්ඩුව නිසා රටම සතුටින්.. ජනතාව කමින් බොමින් විනෝද වෙනවා.. සත්තු වත්ත දවසට මිලියන දෙකක බලනවා.. මිලියන ගණන් පොත් ගන්නවා..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
" අපේ රජය භෞතික සංවර්‍ධනයට දැවැන්ත ඉලක්කයක් තියලා ඒක හඹාගෙන යනවා වගේම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සංවර්‍ධනය , අධ්‍යාත්මික ගුණ වගාවට ඒ හා සමානවම බරක් තියලා තමයි අද කටයුතු කරන්නේ . මම ඊයෙත් ඇත්තටම පැය හතරක් විතර හිටියේ BMICH එකේ පොත් ප්‍රදර්‍ශනයේ . කියන්නත් සතුටුයි , විශාල තරුණ පිරිසක් ඇවිල්ලා මිලියන ගණනින් පොත් අරගෙන යනවා . මං හිතන්නෙ ඒක දැවැන්ත ප්‍රබෝධයක් . ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා මිනිස්සු , හයිවේ එකේ විතරක් දින හතරකට ආදායම තිබුණා කෝටි 30 ක් විතර . මම දැක්කා සත්තු වත්තේ ලංකා ඉතිහාසයේ වාර්‍තාවක් තියලා තිබුණා , එක දවසට මිලියන දෙකයි දශම ගණනක ආදායමක් . ඒකෙන් සටහන් වෙන්නෙ මිනිස්සු කාලා බීලා වගේම ඇවිදලා කියලා ටිකක් නිදහසේ සැනසිල්ලේ ඉන්නවා . ඉතින් අපිට අවශ්‍ය ඒ වගේ මානවයෙක් නිර්‍මාණය කරන්න ." නි . ඇමති නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි
Google AdSense
In-Article Ad

