
ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි පිරිමි ඉසව්වේ දී ශ්‍රී ලංකාව අපරාජිතව අර්‍ධ අවසන් පූර්‍ව වටයට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි පිරිමි ඉසව්වේ අර්‍ධ අවසන් පූර්‍ව තරගය වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඔවුන් අද සහභාගි වූ පළමු වටයේ 3වන තරඟය ජය ගනිමින්. ශ්‍රී ලංකාව මෙහිදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය සමග තරඟ වැදුණා. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 17ට 5ක් ලෙසයි. මීට පෙර පළමු වටයේ සෙසු තරඟවලදී පිලිපීනය සහ සිංගප්පූරුවද පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ඔවුන් අර්‍ධ අවසන් පූර්‍ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි. අර්‍ධ අවසන් පූර්‍ව වටයේදී ශ්‍රී ලංකාව චීනය සමඟ තරඟ වැදීමට නියමිතව තිබෙනවා. චීනය පළමු වටයේදි මැලේසියාව සහ උස්බෙක්ස්ථානය පරාජය කළා. එහෙත් ඔවුන් හොංකොං හමුවේ පරාජය වුණා. ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ අයිචි නගෝයාහිදියි. .
Google AdSense
In-Article Ad

