FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

‘හිරු නම් පචම තමයි... දෙරණ නම් නයා තමයි.. ඇති තරම් කෙළහල්ලා, අපිට මොකෝ...’ - ලාල්කාන්ත

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශකයින් භාවිත කරන තනි වචනයක් හෝ අල්ලා ගනිමින් පහර දීමට ඇතැම් මාධ්‍ය නාලිකා නිරන්තරයෙන් මාන බලමින් සිටින බවයි. එහිදී මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය. "අපේ වචනයකට කෙළින්නනේ බලාගෙන ඉන්නේ... ඇති තරම් කෙළහල්ලා, අපිට මොකෝ! මිනිස්සු මාධ්‍ය දිහා බලද්දී ඒ ඒ නාලිකාවේ ලේබල් එක මොකක්ද කියලා හොඳට බලාගෙනයි නිව්ස් අහන්නේ. මේක සියත, මේක ITN, මේක හිරු... ආ හිරු නම් පචම තමයි. මේක දෙරණ... නයි දෙරණ, දෙරණ නම් නයා තමයි. නයා දානවා කියන්නේ... ඉතින් ඒ වගේ ඒවත් තියෙනවා." මෙම මාධ්‍ය ප්‍රහාරයන්ට මුල් වූ ආසන්නතම කරුණ පැහැදිලි කළ අමාත්‍යවරයා, මෙරට පරිභෝජනය සඳහා සහල් පිටරටින් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති තරමට රට සහලින් ස්වයංපෝෂිත බැවින්, වී වගාව සඳහා අලුතින් කිසිදු බිම් අඟලක් හෝ වෙන් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි යන විද්‍යාත්මක සත්‍යය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන්නේය. "අලුතින් වී වගාවට ඉඩම් යට කළ යුතු නැහැ කියන එක කෘෂිකර්‍ම දෙපාර්‍තමේන්තුවත්, ගොවිජන සංවර්‍ධන දෙපාර්‍තමේන්තුවත්, අපේ ලේකම්තුමාත් සාක්ෂි දරන විද්‍යාත්මක ඇත්තක්. හැබැයි ඒ ඇත්ත කිව්වාම මුන් කියනවා 'මූ මහා පුදුම කෘෂිකර්‍ම ඇමැතියෙක්' කියලා. අපේ ලේකම්තුමාට බනිනවා, මට බනිනවා, ආණ්ඩුවට බනිනවා. ඒගොල්ලන්ට ජාතික වශයෙන් රට තියෙන තැන තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න උවමනාවකුත් නෑ." යනුවෙන් ද ඔහු සඳහන් කළේය. එවැනි මාධ්‍ය විවේචන තමන් කිසිසේත්ම මායිම් නොකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, තමන් පෞද්ගලික පැවැත්ම උදෙසා හෝ ඉදිරි ඡන්ද අහිමි වේ යැයි බියෙන් තොරතුරු වසන් කරමින් දේශපාලනය නොකරන බවත්, ගොවීන් විද්‍යාත්මක හා තාක්ෂණික නිර්‍දේශ පිළිපැද කටයුතු නොකළහොත් අඛණ්ඩව පාඩු විඳීමට සිදුවනු ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

Google AdSense

In-Article Ad