FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෙට්‍රෝ බස් සති අන්තයේ ට්‍රිප් යන්න දෙන්නෑ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පෞද්ගලික ගමන් හෝ උත්සව ආදී විශේෂ අවශ්‍යතා වෙනුවෙන් මෙට්‍රෝ බස් රථ වෙන් කරවා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව අවධාරණය කරන එම සමාගම, මෙකී සේවාවන් පිළිබඳ නිවැරදි හා තහවුරු කළ තොරතුරු ලබාගැනීම සඳහා සිය නිල සන්නිවේදන මාධ්‍යයන් පමණක් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මගී ඉල්ලුම අඩු වන සති අන්ත දිනවලදී මෙට්‍රෝ බස් රථ පෞද්ගලික චාරිකා සඳහා මහජනතාවට කුලියට ලබා දීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවට වූ සමාජ ජාල වාර්‍තා බැහැර කරන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම, පෞද්ගලික ගමන් වෙනුවෙන් මෙට්‍රෝ බස් රථ ලබා දීමේ කිසිදු ප්‍රතිපාදනයක් හෝ සැලසුමක් නොමැති බව පෙන්වා දෙයි.

Google AdSense

In-Article Ad