FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

Port City Colombo හි location game එක change කරපු Prime Marina

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

Colombo Port City එකට ඇතුළුවෙනකොටම මුලින්ම ඇස ගැටෙන, Marina එකට මුහුණලා තියෙන විශේෂ location එකක් ගැන මේ දවස්වල දේපළ වෙළෙඳපොළේ කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි Prime Group සහ Melwa එක්ව ඉදි කරන Prime Marina ව්‍යාපෘතියේ දෙවන අදියර වන Prime Marina 2. විශේෂත්වය තියෙන්නේ location එකේමයි. Port City Colombo වෙත ඇතුළුවන ස්ථානයේ සිට Marina එක දක්වා විහිදෙන මෙම භූමි ප්‍රදේශය, Port City ට පැමිණෙන කෙනෙකුට මුලින්ම හමුවන location එකක්. ඒකටත් වඩා, Marina එකට මුහුණලා පිහිටීම නිසා මේ location එක සාමාන්‍ය Port City address එකකට වඩා වෙනස් බවයි කතාබහට ලක්වෙන්නේ. ලෝකයේ ප්‍රධාන නගර දිහා බැලුවත් Marina-front properties කියන්නේ සීමිත supply එකක් තියෙන දේපළ වර්‍ගයක්. කොළඹ Port City එකෙන් 1%ක් පමණයි Marina-front. ඒ 1% ඇතුළේ තියෙන address එකක් Prime Marina 2. ඒ නිසාම Marina එක ඉදිරිපිටම තියෙන මෙවැනි location එකක් ගැන ආයෝජකයන්ගේ අවධානය යොමුවීම පුදුමයක් නෙවෙයි. විශේෂයෙන්ම Colombo Port City එක business සහ lifestyle destination එකක් ලෙස තවදුරටත් වර්‍ධනය වෙද්දී, එහි entrance එකේම Marina-facing property එකකට හිමිකම් කියන්න ලැබීමත් එක්ක Prime Marina 2 ගැන දේශීය ආයෝජකයන් අතර විතරක් නෙවෙයි,විදෙශීය ආයෝජකයන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් අතරත් උනන්දුවක් ඇති වෙමින් තිබෙන බවයි වාර්‍තා වෙන්නේ. එකට හේතුව ඉහලම capital appreciation එකක් වගේම ඉහල rental income එකක් ගන්න පුළුවන් නිසා. ඒ වගේම Port City එක සම්පූර්‍ණයෙන්ම සංවර්‍ධනය වෙන්න අවු. 10 ක් 15 ක් ගත වුනත් මේ Location එක තියන Area එක තමයි මුලින්ම fully Function වෙන තත්ත්වයකට එන්නේ. ඒක තවත් Advantage එකක්. තවත් කතාබහට ලක්වන කරුණක් තමයි මේ location එකේ future potential එක. Marina එකට මුහුණලා ඇති ඉදිරිපස locations සීමිත වීම නිසා, ඉදිරියේදී Port City එක තව තවත් සංවර්‍ධනය වුණත් මෙවැනි frontline Marina location එකක් ලංකාවේ නැවත නිර්‍මාණය නොවන නිසා ක්ෂේත්‍රයේ වගේම කලාපයේම අවධානයට ලක්වෙලා තියෙන්නේ. ඒ අතරේ Prime Marina 2 සඳහා රුපියල් මිලියන 59කින් ආරම්භ වන හඳුන්වාදීමේ මිලක් නියම කර තිබීමත් විශේෂ අවධානයක් දිනාගෙන තියෙනවා. කොළඹ නගරයට පහසු ප්‍රවේශය, Marina එකට ඇති සමීපත්වය සහ Port City හි වර්‍ධනය වන Marina lifestyle ecosystem එකත් එක්ක, මේ location එක දේපළ ආයෝජකයන් අතර කතාබහට ලක්වීම අහම්බයක් නෙවෙයි. ඒ නිසාම මේ දවස්වල Port City Colombo ගැන කතා කරනකොට අලුතින්ම ඇහෙන නම තමයි Prime Marina 2.

Google AdSense

In-Article Ad