FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

‘රන් සමනල ජෝඩුව වාගේ’ ගීතය ගයන්න රන්ජන්ට තහනමක්.. කර්‍තෘභාග තව සල්ලි ඉල්ලනවාලු..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

තමන් විසින්ම නිෂ්පාදනය කළ නිර්‍මාණයක් සම්බන්ධයෙන් මෙවැනි තහංචියක් පැනවීම සාධාරණ දැයි රසික ප්‍රජාවගෙන් ප්‍රශ්න කරන ඒ මහතා, ඒ පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. අදාළ ගීත නිර්‍මාණය කළ අවධියේදී ඊට අදාළ ශබ්දාගාර ගාස්තු, වාදක මණ්ඩලයේ ගාස්තු, ගීත රචකයා සහ සංගීත අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු පාර්‍ශ්වයන් වෙත කළ යුතු ගෙවීම් එකවර සම්පූර්‍ණයෙන්ම පියවූ බව රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි. කෙසේවෙතත්, එම එකවර කළ ගෙවීම් ප්‍රමාණවත් නොවන බවත්, ජීවිත කාලය පුරාම ඒ වෙනුවෙන් අඛණ්ඩව ගෙවීම් සිදු කිරීමට සිදුව ඇති බවත් සඳහන් කරන ඒ මහතා, මේ වන විට තමන්ට එම ගීතය ප්‍රසංග වේදිකාවල ගායනා කිරීම ගැටළුවක් වී ඇති ඇති බව ද සිය සටහන මඟින් අනාවරණය කර ඇත. කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ, ප්‍රකාශන හිමිකම් හා කර්‍තෘභාග සම්බන්ධයෙන් මෙරට කලා ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් පවතින පසුබිමක, රන්ජන් රාමනායක මහතා සිදු කර ඇති මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ සහ කලා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

Google AdSense

In-Article Ad