FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අවුරුදු අටකින් රටට ඩොලර් ගලා එන ක්‍රමයක් හදනවා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉදිරි වසර හත හෝ අටක කාලසීමාව ඇතුළත මෙරට ජනතාවට ඩොලර් ආදායම් ගලාගෙන එන ශක්තිමත් ආර්‍ථික පසුබිමක් නිර්‍මාණය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි. පසුගිය කාලසීමාව තුළ මෙරට අධිවේගී මාර්‍ග ඇතුළු සංවර්‍ධන ව්‍යාපෘති සිදු කරනු ලැබුවේ විදෙස් රටවලින් ලබාගත් ණය මුදල් ආධාරයෙන් වුවද, ඉදිරියේදී එම ව්‍යාපෘති මෙරට මුදල් යොදවා නිම කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, රඹුක්කන දක්වා වන අධිවේගී මාර්‍ග කොටස 2028 වසර අවසන් වීමට පෙර මෙරට මුදලින් නිම කිරීමට අපේක්ෂා කරන බවත්, 2029 වසර වන විට දඹුල්ල දක්වා දිවෙන අධිවේගී මාර්‍ගය ද දේශීය අරමුදල් භාවිතයෙන් ඉදිකර අවසන් කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම, මෙරට මුදල් වංචා කළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වන විට දෑත ඔසවා මාංචු කුට්ටම පෙන්වමින් ජනතාව හමුවේ වීරයන් ලෙස පෙනී සිටීමට උත්සාහ දරන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් කිසිසේත්ම ජාතික වීරයන් නොවන බවත් පට්ටපල් හොරුන් බවත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad