
මන්ත්‍රීනියක් නිවසට හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙසේ ඇප මත මුදාහැරුණේ විල්ගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන පී. රසිකා රත්නායක නමැත්තියකි. ලංකා විදුලිබල මණ්ඩලයට ලද තොරතුරකට අනුව විල්ගමුව පොලිසියේ සහාය ඇතිව සිදුකළ වැටලීමකදී අනාවරණය වී ඇත්තේ, අදාළ සැකකාරියගේ නිවසේ විදුලි මීටරය විකෘති වන සේ කාන්දම් කැබලි උපයෝගී කරගනිමින් කාලයක සිට සූක්ෂ්ම ලෙස විදුලිබලය ලබාගෙන ඇති බවයි. මෙම වංචාව හේතුවෙන් විදුලිබල මණ්ඩලයට සිදු වූ සමස්ත මූල්‍ය පාඩුව ගණනය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජිතයන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එළඹෙන දෙසැම්බර් මස 18 වැනි දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකාර මන්ත්‍රීවරියට නියෝග කළේය.
Google AdSense
In-Article Ad

