FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වෙන පාලනයක් නම් තෙල් ලීටරය 700 පනිනවා.. අපේ කැපකිරිම් නිසා මේ ගාණට දෙනවා...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි අයවැය ලේඛනය මඟින් ජනතාව වෙත මීට පෙර නොවූ විරූ අන්දමේ සහන රැසක් ලබා දීමට රජය සූදානමින් සිටින බවයි. ජනතාව මත පැටවී ඇති ආර්‍ථික බර ලිහිල් කෙරෙන ප්‍රායෝගික යෝජනා රැසක් සමඟ මෙවර අයවැය ඉදිරිපත් කරන බව හෙතෙම පෙන්වා දුන්නේය. රජය මහජනතාව වෙනුවෙන් සිදු කරන සහනාධාර මැදිහත්වීම් පිළිබඳව උදාහරණ දක්වමින් ඒ මහතා කියා සිටියේ, රුපියල් 17,000ක මුදලකට රජය මිලදී ගත් පොහොර මිටියක් ගොවි ජනතාව වෙත ලබා දුන්නේ රුපියල් 10,200ක සහනදායී මිලකට බවයි. එවැනි දැවැන්ත මූල්‍ය කැපකිරීම් රැසක් සිදු කරමින්, රජය පාඩු විඳගෙන හෝ ජනතාවට සහන සැලසීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉන්ධන මිල පවා පාලනය කරගනිමින් වත්මන් මට්ටමේ පවත්වාගෙන යාමට හැකි වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad