FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපේ හෙද සංගමය ජාතික මට්ටමේ ක්‍රිඩකයන් බිහි කරල තියෙනවා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඒම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් 13 වන වතාවට පැවැත්වෙන හෙද ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වි සිටියහ. මෙම ක්‍රීඩා උළෙලට යාපනය, මඩකලපුව, ත්‍රීකුණමලය, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් හෙදියන් පැමිණ සිටියහ. හෙද ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ඒම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ. පැය 24, පැය 48 වැනි කාලයක් අඛණ්ඩව සේවය කරන හෙද නිළධාරින්ගේ මානසිකත්වය ඉහළ නැංවිමේ අරමුනින් මෙම ක්‍රීඩා උලෙල වාර්‍ෂිකව පවත්වන බවයි. ඒම සංගමය මගින් ජාතික මට්ටමේ ක්‍රිඩකයන් කිහිප දෙනෙකුද බිහි කර ඇති බව සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

Google AdSense

In-Article Ad