
ගාසාහි මහල් නිවාසයකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ගාසා තීරයේ බටහිර ගාසා නගරයේ මහල් නිවාසයක් ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 5දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කර තිබෙන්නේ. තවත් 6දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්‍තා කරන පරිදි අද අලුයමයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ඉලක්ක වූ මහල් නිවාසය නේවාසික ගොඩනැගිල්ලක් වනවා. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ කොටසකට දැඩි හානි සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්‍තාවන්හි සඳහන් වන්නේ. සුන්බුන් අතර තවදුරටත් සිරවී සිටින අය බේරා ගැනීම සඳහා පස්වරුව වන විටත් මෙහෙයුම් සිදුකරමින් තිබුණා. මියගිය පිරිස අතර කාන්තාවන් 4දෙනෙකු සිටින බවද විදෙස් මාධ්‍ය වාර්‍තා වල සඳහන්. මෙම ප්‍රහාරය සිදුකළ බවට චෝදනා එල්ල වන්නේ ඊශ්‍රායල හමුදාවන්ටයි. කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාවෙන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රතිචාර දක්වා නැහැ. තවත් විශේෂත්වයක් වන්නේ මෙම ප්‍රහාරය සිදුවන්නේ ගාසා තීරයේ පවතින සටන් විරාමය සම්බන්ධයෙන් ද දැඩි අවිනිශ්චිතතාවක් පවතින පසුබිමකදී වීමයි. .
Google AdSense
In-Article Ad

