FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සල්ලි මදි කියල හිතෙනව නම් බලු බද්දක් ගහන්න පුළුවං..- ලාල් කාන්ත

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ප්‍රාදේශීය සභාවක කටයුතු පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම්, තම බලප්‍රදේශය තුළ සුනඛයන් ඇතිකරන නිවෙස්වලින් බලු බද්දක් අය කර හෝ මුදල් උපයා ගැනීමට එම ආයතනවලට නීතිමය බලය පවතින බව කෘෂිකර්‍ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්‍ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා කියා සිටියේ, පළාත් පාලන ආයතනයකට පවරා ඇති රාජකාරි ඉටු කිරීමට මුදල් මදි යැයි හැඟෙන්නේ නම්, අදාළ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සුනඛයන් ඇති කරන සෑම නිවසකටම බලු බද්දක් පැනවීමට එම සභාවන්ට තීරණය කළ හැකි බවයි. පළාත් පාලන ආයතන සතුව පවතින නෛතික බලය කෙතෙක්ද යන්න පෙන්වා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, "මම මේ කියන්නේ එම ආයතනවලට තියෙන බලය ගැනයි. ඒ අයට එවැනි තීන්දු අරගෙන බදු එකතු කරන්න පුළුවන්කම තියෙනවා," යනුවෙනි. Local Authorities Granted Power to Impose Dog Tax for Financial Viability, Says Minister Due to insufficient financial provisions for maintaining local council operations, the Minister of Agriculture, Land, Animal Husbandry, and Irrigation, K.D. Lal Kantha, has revealed that local institutions possess the legal authority to impose a dog tax on households that harbor stray dogs within their jurisdictions. Speaking at a public gathering, the Minister addressed concerns regarding the lack of funds to execute the responsibilities assigned to local government bodies. He elaborated that if a local council feels financially strapped in fulfilling its duties, it can decide to levy a dog tax on every household that contributes to the stray dog population in the area. This power of local government authorities reflects the existing legal frameworks that grant them the ability to enact such measures. Lal Kantha emphasized, "What I'm referring to is the power that these institutions hold. They are indeed capable of making such decisions and collecting taxes." His statements underscore the pressing need for local authorities to manage resources effectively while also addressing community issues. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad