
අගමැතිනිට දේශපාලනය බලයක් නැති නිසා 22 සංශෝධනය ගැන නිහඬව සිටිනවා විය හැකියි.. - ලාල් විජේනායක
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
අගමැතිනි හරිනි අමරසූරියට දේශපාලනය බලයක් නැති නිසා ඇය 22 වැනි සංශෝධනය ගැන නිහඬව සිටිනවා විය හැකි යයි ජාතික ජන බලවේග විධායක කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි. පුවත්පතක් සමග සාකච්චාවකදී ඔහු මෙසේ පවසා ඇත. "මම ඇය හොඳින් දන්නවා වගේම ඇය කෙරෙහි මගේ ගෞරවයක් තියෙනවා. යහපාලන කාලයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කාරක සභාවේ ඇය මා සමග වැඩ කළා. ඇය ඉතා හොඳින් ඇයට පැවැරුණ කාර්‍යය කළා.ඇය දේශපාලනයේ හිටපු කෙනෙක් නොවෙයි. ඒ නිසා ඇය පිටුපස දේශපාලන බලයක් නෑ. දේශපාලනය කරන කෙනකුට යම් ස්ථාවරයක් ගන්න බලයක් තියෙන්න ඕනේ. මම මේ ස්ථාවරයේ ඉන්නෙ මට සම සමාජ පක්ෂයේ බලයක් හා ඔවුන් මා සමග ඉන්න බවට විශ්වාසයක් තිබෙන නිසයි. අගමැතිනිය 22 ගැන ඇගේ ස්ථාවරය ප්‍රකාශ කර නෑ කියා මම හිතනවා. හදවතට එකඟව යම් දේශපාලන කාරණයක් ගැන කතාකරන්න පුළුවන් වෙන්නෙ බලයක් තමන්ට තිබුණොත් පමණයි. ඇයට එහෙම බලයක් නැති නිසා හෝ මේ ගැන යමක් ප්‍රකාශ නොකාළ යුතුයැ යි ඇය තීරණය කරගෙන නිහඬව ඉන්නවා වෙන්නත් පුළුවන්" Political Powerlessness Leaves Prime Minister Silent on 22nd Amendment, Lawmaker Suggests Lal Wijenayake, a member of the National People's Power Executive Committee, has suggested that Prime Minister Harini Amarasuriya's silence on the 22nd Amendment may be rooted in a lack of political power. He discussed this matter during a recent conversation with a newspaper. Wijenayake emphasized his respect for Amarasuriya, acknowledging their collaborative efforts on constitutional reform during the Good Governance administration. He praised her effectiveness in that role, pointing out that she is not an individual with a political background. This, he argues, contributes to her current lack of political backing. According to Wijenayake, anyone engaged in politics requires a certain degree of leverage to take a definitive stance. He noted that his own position is bolstered by the support he receives from the Samagi Jana Balawegaya (SJB) party. He expressed the belief that Amarasuriya has not publicly stated her position on the 22nd Amendment because a politician can only engage in discussions about political issues if they possess sufficient power. Given her apparent lack of such power, Wijenayake suggested that she may have opted to remain silent on the matter. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

